34 C
Colombo
Friday, May 3, 2024

සීත සෘතු ඔලිමිපික් උළෙල ගැන චීනයයි ඇමරිකාවයි යළි පැටළෙයි

- Advertisement -

බෙයිජිං නුවරදී 2022 වර්ෂයේ පැවැත්වීමට නියමිත සීත සෘතු ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් චීනය සහ ඇමරිකාව අතර යළි මත ගැ⁣ටුමක් හටගෙන තිබේ.

ඒ මෙම උළෙල වර්ජනය කළ යුතු ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පොලොසි කළ ප්‍රකාශයක් සමගයි.

චීනය දිගින් දිගටම ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් සුලුතරයට එරෙහිව සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විරෝධය පළකිරීමක් ලෙස රාජ්‍ය මට්ටමෙන් මෙම උළෙල වර්ජනය කළ යුතු බව ඇය සදහන් කර තිබිණ.

මීට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ශා ලීජියෑන් සදහන් කර ඇත්තේ එක් එක් පුද්ගලයන්ගේ වැරදි කරණු මත පදනම්ව විව්ධ ප්‍රකාශ කරන බවයි.

නැන්සි පොලොසිගේ මෙම ප්‍රකාශය ඇමරිකාවේ නිල ප්‍රකාශයක් නොවුනත් 2022 සීත සෘතු ඔලිම්පික් උලෙල බෙයිජිංහි පැවැත්වීමට එරෙහිව මේ වනවිට බටහිර රටවල් රැසක් විරෝධතා ප්‍රකාශ කර තිබේ.

මේ අතර අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන රැසක් මෙහි අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන ලෙසට බහුජාතික සමාගම් රැසකට බලපෑම් සිදුකර ඇතැයිද සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...