27 C
Colombo
Friday, May 3, 2024

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්නේ අබලි ද්‍රව්‍ය නිසා දැවැන්ත සමුද්‍ර දූෂණයක්

- Advertisement -

කොළඹ පිටත වරායේ ගිනි ගැනීමට ලක්ව ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කන්ටේනර්, දැවී තෙල්, සහ අබලි මීගමු වෙරල තීරයේ ජා ඇල, කපුගොඩ වෙරල තීරයන්ට ගොඩ ගසා තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ මෙම අබලි වත්තල ප්‍රීතිපුර වෙරල තීරයේ සිට මීගමු වෙරල තිරය දක්වා කිලෝ මීටර් නවයක පමණ ප්‍රමාණයක මේ වනවිට පැතිර ඇති බවයි.

ඒ අතර දහනයට ලක්වූ කන්ටේනර් සහ තවත් විවිධ ප්‍රමාණයේ කොටස් රාශියක් ඇති අතර ඒවා මේ වනවිට ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව ආරක්ෂක අංශ විසින් ඉවත් කරමින් සිටිනවා.

කොළඹ වරායට නුදුරින් වූ මුහුදේ පිපිරීමකට ද ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව තවදුරටත් ගිනි ගනිමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය යාත්‍රා 4ක් අද (26) කොළඹට ළඟාවීමට නියමිතයි.

පසුගිය 20 වැනිදා ගිනි ගැනීම හටගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව තුළ ඊයේ (25) උදෑසන පිපිරීමක්ද සිදුවුණා.

මේ හේතුවෙන් නෞකාවේ ගින්න තීව්‍ර වූ අතර නෞකාවේ ගබඩා කර තිබූ බහාලුම් රැසක් මේ වනවිටත් ගිනි ගනිමින් පවතිනවා.

පිපිරීමත් සමග නෞකාව මේ වනවිට දකුණු පසට ඇලවී ඇති අතර එහිදී ඇතැම් බහාලුම් මුහුද වැටී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වතු කම්කරු පඩි වැඩිකිරීම ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුවක්-දිගම්බරන්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් වතු සමාගම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බැවින්...

මම සජබෙට ගිය කතාව බොරුවක් – අර්ජුන

හිටපු අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමඟි ජන බලවේගයට එක් වු බව හැඟවෙන පුවත් පසුගිය දා පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග...

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...