28 C
Colombo
Saturday, May 4, 2024

“තරුණ ගැහැණු දරුවකගේ හදවතේ බලය මම දනිමි” වෝග් සඟරාවේ කවරයට පෑයූ තරුව මලාලා යුසෆ්සායි

- Advertisement -

බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වෝග් සඟරාවේ ජුලි මස කවරය වෙන් කර ඇත්තේ මලාලා යුසෆ් සායි වෙනුවෙනි.
ඇතැම් ඛේදවාචකයන් ජීවිතය සුඛාන්තයක් කරා රැගෙන යනු ලබයි.වයස අවුරුදු 14 දී මුහුණ දීමට සිදු වූ දරුණු ඛේදවාචකය මලාලාගේ ජීවිතය නොසිතූ දිසාවක් වෙත රැගෙන විත් තිබේ.

වයස අවුරුදු විසි තුනක පිරිපුන් යෞවනියක ලෙස සමවයසේ සෙසු තරුණ තරුණියන් අතර ඇය අද නිදහසේ උපරිමය භුක්ති විඳිමින් සිටියි. වෝග් කවරයේ විශේෂාංගයෙන් ඇය එම නිදහස පිළිබඳ ලෝකයටම කියන්නේ නිහතමානී අභිමානයකිනි. ගැහැණු දරුවකුගේ හදවතේ ඇති බලය මම දන්නවා යැයි ඇය වෝග් වෙත ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරේ ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරනු ලැබුවාය. විශ්වවිද්‍යාල ජීවිතය ඇයට සමවයසේ මිතුරන් සමඟ ජීවිතය විඳීමට කාලය ලබා දුන් බව ඇය පවසයි.

“මම සෑම මොහොතකම විනෝද වෙමින් සිටියා. මා මීට පෙර එය අත් විඳි දෙයක් නෙවෙයි. මට කිසි විටෙකත් මගේ සමවයසේ මිතුරන් ඇසුරු කිරීමට ලැබුණේ නෑ.”

ඇය තලෙයිබාල් කැරලිකරුවන්ගේ ප්‍රහාරයකට ගොදුරු වන්නේ වයස අවුරුදු 14 දී ය.

‘එම සිදුවීමෙන් පසු සුවය ලබමින් ලොව පුරා සංචාරය කරමින් පොත් ප්‍රකාශයට පත් කරමින් වාර්තා චිත්‍රපට කරමින් බොහෝ දේ සිදු කරමින් සිටි නිසා මට මගේ සමවයසේ අය ඇසුරු කිරීමට නොහැකිවුණා’

එමෙන්ම ග්‍රේටා තන්බර්ග් වැනි සෙසු තරුණ සමාජ ක්‍රියාකාරීන් සමඟ පවතින මිතුදම පිළිබඳව ද ඇය මෙහිදී හෙළි කර සිටියාය.

ඇය වෝග් කවරයේ පෙනී සිටින්නේ රතු පැහැති සම්ප්‍රදායික මුස්ලිම්,පකිස්ථාන ගැහැණු දරුවන් මෙන් ම හිස ආවරණය කරගෙනයි.

මෙම ඇඳුම කිසිවිටකත් පීඩිත බවේ සංකේතයක් නොවන බව ඇය පවසයි.

“මෙය පාකිස්තානුවන්ගේ සහ මුස්ලිම්වරුන්ගෙන් සම්ප්‍රාදායික ඇඳුමක්.අප පීඩාවට පත්වූවන් ලෙස හෝ හඬක් නැති, හෝ පුරුෂාධිපත්‍යය යටතේ ජීවත් වන අය ලෙස සලකනු ලබනවා.ඔබේ සංස්කෘතිය තුළ ඔබේම කටහඬක් තිබිය හැකි බවත්, ඔබේ සංස්කෘතිය තුළ සමානාත්මතාවය ඇති කළ හැකි බවත් මම සෑම කෙනෙකුටම පැවසීමට කැමැතියි.”

මේ වන විට යූසාෆ්සායි ඇගේ දෙමාපියන් සමඟ බර්මින්හැම්හි වාසය කරයි.

මීළඟට කුමක් කළ යුතුදැයි තමාට විශ්වාස නැති බව පවසන ඇය ඇගෙන්ම අසන්නේ මෙයයි “මම ඊළඟට ජීවත් වන්නේ කොහේද? මම දිගටම එක්සත් රාජධානියේ ජීවත් විය යුතුද, නැතහොත් මම පාකිස්තානයට හෝ වෙනත් රටකට යා යුතුද?”

පාකිස්තානයෙන් ඇගේ පියාට ඇය පිළිබඳ විවාහ යෝජනා කරමින් ඉඳහිට ඊමේල් ලැබෙන ආකාරය ද මලාලා වෝග් වෙත හෙළි කර තිබේ.

“එක් පිරිමි ළමකු ඔහුට අක්කර ගණනක ඉඩමක් සහ ගෙවල් රාශියක් ඇති බවත් මා සමඟ විවාහ වීමට කැමති බවත් පියා වෙත දන්වා තිබුණා.”යයි ඇය පැවසුවාය.

සම්පූර්ණ විශේෂාංගය වෝග් සඟරාවේ ජුලි මස කලාපයේ පළ කර තිබේ.

BBC ඇසුරින් සකස් කරන ලදී.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...