31 C
Colombo
Friday, May 3, 2024

මඩකලපුව පොලිස් අත්අඩංගුවේදී තරුණයෙක් මියයයි

- Advertisement -

අත්අඩංගුවේ සිටියදී තරුණයකු ඝාතනය වීම සම්බන්ධයෙන් අදාළ තරුණයාගේ ඥාතීහු මඩකලපුව පොලිසියට චෝදනා කරති.

පෙරේදා (02) මඩකලපුව, ඉරුදයපුරම්හිදී 22 හැවිරිදි චන්ද්‍රන් විදූෂන් නම් මේ තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ද සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් තම පුත්‍රයාට පහර දුන් බව ඔහුගේ මව මාධ්‍ය වෙත පවසා තිබේ.

ඊයේ (03) පස්වරුවේ මඩකලපුව ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ.ඉලංගෝවන් විසින් මේ මරණයට අදාළ මරණ පරීක්ෂණය පවත්වන ලදි.

එම මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ ඔහු මත්ද්‍රව්‍ය පැකට් හතරක් භාවිත කර ඇති බවත්, එය මරණයට හේතුවී ඇති බවත් ය.

මේ තරුණයා අදාළ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අයෙකු බවත්, ඔහු එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාවට මීට පෙර ද අත්අඩංගුවට ගත් අයෙකු බවත් මඩකලපුව පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය.

කෙසේ වෙතත් තරුණයාගේ සහෝදරිය මාධ්‍ය වෙත පවසා ඇත්තේ සිය සහෝදරයා පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය යෑම පිළිබඳ බරපතළ සැකයක් ඇති බවයි.

යම් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ සම්පූර්ණ වගකීම අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතු බව 1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් ආරක්ෂා වීමේ පනතේ සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...