33 C
Colombo
Friday, May 3, 2024

සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු පලකලොත් වරෙන්තු නැතිවම අත්අඩංගුවට ගත හැකියි – පොලිස් මූලස්ථානය

- Advertisement -

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පලකරන පුද්ගලයින් ඊට අදාල නීතිමය තත්ත්වයන්ට අනුව වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත හැකි බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

ඒ අනුව,
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120, 286, 286 අ, 291 අ, 291 ආ, 345, 365 ඇ, 402, 403 හා 486 වගන්ති
2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යාන්තර සම්මුතිය පනතේ 3 වන වගන්තිය

2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ 6 වෙනි වගන්තිය

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 3 සහ 3 වගන්ති

1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන පනතේ 02 වගන්තිය

යන වගන්ති යටතේ එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව අදාළ නිවේදනයේ සඳහන්.

එම නිවේදනයට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතද මීට අදාළකරගෙන තිබීම විශේෂත්වයක්.

විවිධ පුද්ගලයින් සහ පාර්ශවයන් විසින් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් මහජනතාව වෙත අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට වාර්තා වීම නිසා අදාළ ක්‍රියාමාර්ග ගත් බවයි පොලීසිය පවසන්නේ.

එයැවි අසත්‍ය තොරතුරු හේතුවෙන් මහජන සාමය බිදවැටීම, විවිධ ජාතීන් හෝ ආගම් අතර භේද ඇතිවීම, ළමයින්ට හා කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ සිදුවීම, ආගම් ඇඳහීම්වලට පීඩා සිදුවීම, විවිධ වංචා සිදුවීම හා එම අසත්‍ය තොරතුරු මත පදනම්ව මහජනතාව නිරෝධායන රීතිවලට පටහැනිය කටයුතු කිරීම වැනි දෑ නිරීක්ෂණය කර ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...