33 C
Colombo
Friday, May 3, 2024

ශ්‍රී ලාංකිකයන් නැවට වඩා පියුමි හංසමාලි ගැන කතා කරලා – The Economist සඟරාව

- Advertisement -

සති දෙකක් තිස්සේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ බහාලුම් නෞකාවක් වන එක්ස්-ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදු බත් වද්දී ශ්‍රී ලාංකිකයන් විසි අට හැවිරිදි නිරූපිකාවක් වූ පියුමි හංසමාලි පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව ප්‍රකට ජ්‍යාත්‍යන්තර සඟරාවක් වන The Ecnomist සඟරාව වාර්තා කරයි.

නැව ගිනි ගැනීමෙන් නර්ඩල්ස් ලෙස හඳුන්වන ඉතා කුඩා ප්ලාස්ටික් පෙති ඇතුළු රසායානික ද්‍රව්‍ය මුහුදට එක් වීමෙන් ශ්‍රී ලංකා මුහුදු තීරය දැවැන්ත විනාශයකට මුහුණ දෙමින් සිටින බව ද The Ecnomist පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මුහුදට පැමිණීමට නැවට අවසර දුන්නේ ඇයි ද යන්න විශාල ප්‍රශ්ණයක් ඉතිරි කර තිබිය දී ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගැටලුව වී ඇත්තේ මෙම නිරූපිකාව,රූපලාවන්‍ය ශිල්පියෙක් ඇතුළු පිරිසක් බව එම සඟරාව පෙන්වා දී තිබේ.

නැව මුහුදු බත් වූ දිනයේම ශ්‍රී ලංකාවෙ පොලිසිය පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් අත් ඩංගුවට ගත්තේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙනි.

මෙම සිදුවීම හේතුවෙන් දැවැන්ත අර්බුදයක් වූ නෞකා අනතුර ශ්‍රී ලාංකිකයන්ගෙන් ගිලිහී ගිය බව ජ්‍යාත්‍යන්තර සඟරාව පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...