33 C
Colombo
Friday, May 3, 2024

ඔබට අසනීපයි නම් සුරතලුන්ගෙන් ඈත්වන්න – ආචාර්ය ඩිලාන් සතරසිංහ

- Advertisement -

යම් පුද්ගලයෙකුට කුමන හෝ අසනීප තත්ත්වයක් පවතින්නේ නම්, සුරතල් සත්වයින්ගෙන් ඈත්ව සිටිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩිලාන් ඒ.සතරසිංහ මහතා පවසයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදිත සිංහයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසන ලදි.

මේ අතර, මෙරට සතුන් අතර කොවිඩ් වෛරසය පැතිරීම සම්බන්ධයෙන් පර්යේෂණ මේ වන විට සිදුකරමින් පවතින බව ද පැවසු ඒ මහතා, ආසාදිත වු සිංහයාගේ ධේනුව හා පැටව් තිදෙනා පිළිබඳ මේ වන විට වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද පවසයි.

මේ අතර, කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ කුඩා දරුවන්ට වැළඳෙන ‘මල්ටි සිස්ටම් ඉන්ෆ්ලේමටරි සින්ඩ්‍රොම්’ නමැති මාරාන්තික රෝග තත්ත්වය මෙරටින්ද හඳුනාගෙන ඇති අතර එම තත්ත්වය සහිත දරුවන් 6 දෙනෙකු දැනට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...