25 C
Colombo
Sunday, May 19, 2024

පිළිස්සුණු තල්මසෙක් වෙරළට ගොඩ ගසයි !

- Advertisement -

පිළිස්සීම් තුවාල සහිත තල්මසෙකුගේ සිරුරක් උතුරු මුහුදේ මුසලි කරඩිකුලි වෙරළට ගොඩගසා තිබෙනවා.

මෙම තල්මසා අඩි 12 ක පමණ දිගින් යුතු විශාල ප්‍රමාණයේ තල්මසෙකු බවයි වාර්තා වන්නේ.

පසුගිය සති කිහිපය පුරා ප්‍රදේශ රැසක වෙරළ තීරය වෙත මියගිය තල්මසුන්ගේ, කැස්බෑවුන්ගේ සහ වෙනත් මුහුදු ජීවීන්ගේ සිරුරු ගොඩගසා තිබිණි. කැස්බෑවුන්ගේ පමණක් මළසිරුරු 60 කට වැඩි ප්‍රමාණයක් මේ දක්වා හමු වී ඇති බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

වාරකන් සමයේදී මියගිය මුහුදු ජීවින්ගේ සිරුරු වෙරළට ගොඩගැසීම සාමාන්‍ය තත්වයක් බව රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගියදා ප්‍රකාශ කර සිටි නමුත් ධීවරයන් සහ සාගර පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වාරකන් කාලයට එවැනි තත්වයක් පෙන්නුම් කළද මෙවර මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරු වෙරළට ගොඩගැසීම අස්වාභාවික ලෙස වර්ධනය වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...