33 C
Colombo
Friday, May 3, 2024

යුරෝපා රටවල සන්නද්ධ හමුදා හැසිරීම් ගැන චීනයෙන් චෝදනාවක්

- Advertisement -

ප්‍රංශය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් චීනය ඉලක්ක කරගෙන ඉන්දු පැසිෆික් කලාපයේ සන්නද්ධ හමුදා හැසිරවීම සිදුකරන බවට චීනය චෝදනා නගා තිබේ.

ලා ඔපීනියන් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රංශයේ චීන තානාපති ලූ ෂායේ සදහන් කර ඇත්තේ චීනය සමග සහයෝගයෙන් වැඩකිරීමට යුරෝපා සංගමය කටයුතු කළ යුතු බවයි.

ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂක මැදිහත්වීම් සිදුකරනු වෙනුවට චීනය සමග ආර්ථික සහ වෙළෙද සහයෝගීතාවයෙන් යුක්තව කටයුතු කිරීම වැදගත් බව ඔහු මෙහිදී සදහන් කර තිබේ.

යුරෝපා සංගමය විසින් ඉන්දු පැසිෆික් කලාපය වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී වෙනමම ප්‍රතිපත්ති සැලසුමක් සම්මත කරගත් අතර එහි ආරක්ෂක කටයුතු වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබාදී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශයේ චීන තානාපතිවරයාගේ මෙම ප්‍රකාශයේ අරමුණු එම නව ප්‍රතිපත්තියට ප්‍රතිචාර දැක්වීම බවයි.

RECENT ARTICLES - SINHALA

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...