31 C
Colombo
Monday, June 17, 2024
spot_img

සමාජ මාධ්‍යයේ අපහාස කළ දෙදෙනෙක්ව පැහැරගෙන ගොස් අමානුෂික වද දීලා

- Advertisement -

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයෙකුට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාලව පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා පමුණවීමේ සිද්ධියක් වාර්තා වනවා.

බලගොල්ල ප්‍රදේශයෙන් පසුගිය 25 වනදා වාර්තා වූ මෙම සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු අම්පිටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

අදාල ප්‍රධාන සැකකරුගේ මිතුරන් දෙදෙනෙකුව මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම මිතුරන් දෙදෙනාව පැහැරගෙන ගොස් ඔවුන් දෙදෙනාව කුරුසයේ තබා ඇණ ගසා වදහිංසා පමුණවා ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ 38 සහ 44 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනා මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන අතර ප්‍රධාන සැකකරු සහ පැහැර ගැනීම සඳහා ඔහුට සහාය වූ අනෙක් සැකකරුවන් මේ වනවිට අතුරුදන්ව සිටින බවයි පැවසෙන්නේ.

ඔවුන්ව සොයා බලගොල්ල පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඊශ්‍රායලයේ යුද කැබිනට්ටුව විසුරුවා හරියි

සාමාජිකයින් 6 දෙනෙකුගෙන්  "යුද කැබිනට්ටුව" විසුරුවා හැරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබෙනවා. එම කැබිනට්ටුවේ සිටි ප්‍රබල සාමජිකයෙකු වූ Benny Gantz සහ ඔහුගේ...

බාල වයස්කාර හිමිනමකට ලිංගික අපයෝජනයක් කළ චීවරධාරියෙකු අත්අඩංගුවට

අනුරාධපුර පිහිටි විහාරස්ථානයක වැඩ සිටි වයස අවුරුදු 13ක බාලවයස්කාර හිමි නමකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කල චීවරධාරියෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බවත් ,ඒ සම්බන්ධයෙන්...

ඉදිරි පැය 36 තුළ කාලගුණයේ වෙනසක්

දිවයි‍නේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ජූනි මස 19 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...