31 C
Colombo
Wednesday, May 22, 2024

පාපන්දු රන් දෙවොලේදී එංගලන්තයට ඓතිහාසික ජයක්

- Advertisement -

යූරෝ කුසලාන පාපන්දු තරඟාවලියේ එංගලන්තය සහ ජර්මනිය අතර තරගය පාපන්දුවේ මහගෙදර (Home of Football) හෙවත් වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා.

තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස්කිරීමට හැකි වුයේ නැහැ.

තරගයේ 75 වන මිනිත්තුවේදී Raheem Sterling ගෝලයක් වාර්තා කරමින් 1-0 ක් ලෙස එංගලන්තය පෙරමුණට රැගෙන ආවා.

Harry Kane තරගයේ 86 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස් කරමින් තරගයේ පාලනය මුලුමනින්ම එංගලන්ත ග්‍රහණයට නතු කරගත්තා.

ඒ අනුව නියමිත කාලය නිමාවන විට 2-0 ක් ලෙස තරඟය ජයගත් එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ එංගලන්තය සහභාගී වූ 300 වන තරඟය මෙයයි.

මෙම ක්‍රීඩාංගණයේදී එංගලන්තය ජර්මනිය පරාජය කලේ 1996 ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයෙන් පසු පළමුවරට වීම ද ඊයේ තරඟයේ තවත් එක් සුවිශේෂී සිදුවීමක්.

එමෙන්ම ජර්මනිය ප්‍රධාන පෙලේ පාපන්දු තරගාවලියක 16 දෙනාගේ වටයෙන්ම ඉවත් වූ පළමු අවස්ථාවද මෙය වනවා.

යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ අවසන් තරගය යුක්රේනය හා ස්වීඩනය අතර පැවැත්වුණා.
තරගයේ නියමිත කාලය නිමා වනවිට කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබාගෙන තරගය සම තත්ත්වයේ පැවතියා. ඒ අනුව අතිරේක කාලය දක්වා තරගය පැවැත්වුණු අතර අවසන් මිනිත්තුවේදී යුක්රේන ක්‍රීඩක Artem Dovbyk ගෝලයක් වාර්තා කලේ ඓතිහාසික ජයග්‍රහණයක් තම කණ්ඩායමට සහතික කරමින්. ඒ අනුව 2-1 ලෙස ස්වීඩනය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට යුක්රේනය සමත් වුණා.

යුක්රේනය ප්‍රධාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි දෙවන අවස්ථාව මෙයයි. එමෙන්ම ස්වීඩනය යූරෝ කුසලාන ඉතිහාසයේ තමන් සහභාගී වූ පිළිමළුන් පිටුදැකීමේ තරග තුනම ( 1992 – ජර්මනිය හමුවේ සහ 2004 නෙදර්ලන්තය හමුවේ) පරාජය වී තිබෙනවා.

යූරෝ කුසලාන අර්ධ අවසන් පූර්ව වටය ලබන සෙනසුරාදා ආරම්භ වනවා. පළමු තරගය පැවැත්වෙන්නේ ස්පාඤ්ඤය සහ ස්විට්සර්ලන්තය අතරයි. දෙවන තරගය බෙල්ජියම හා ඉතාලිය අතර එදිනම පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

මරදගහමුල තොරණත් කඩන් වැටිලා

එළැඹෙන වෙසක් දිනය වෙනුවෙන් දිවුලපිටිය - මරදගහමුල ප්‍රදේශයේ නිර්මාණය කළ තොරණ, අධික සුළං තත්ත්වය සහ වර්ෂාවත් සමඟ අද (22) උදෑසන කඩා වැටී තිබුණා. මෙම තොරණ...

රනිල්ට තව අවුරුදු 12ක් වත් රට භාරදෙන්න ඕනේ – වජිර

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට තව අවුරුදු 12ක් පමණ රට පාලනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. වර්තමානය රට...

විජයදාස ගැන නඩුව කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස විජයදාස රාජපක්ෂ සහ මහ ලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමට එරෙහිව දුමින්ද දිසානායක මහතා ගොනුකළ පැමිණිල්ලක්...

POPULAR ARTICLES

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...