34 C
Colombo
Monday, May 6, 2024

ආපු ගමන් තෙල් මිල අඩු කරන්න බැසිල් සක්කරයද?

- Advertisement -

පාර්ලිමේන්තුවට පැමිණි සැනින් තෙල් මිල අඩු කිරීමට බැසිල් රාජපක්ෂ යනු ශක්‍රයා නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ, අද (30) පෙරවරුවේ යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම විවෘත කිරිමේ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයෙන් අනතුරුව ඉන්ධන මිල පහල දමන බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටි අතර ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් රජය තෙල් මිල ඉහළ දැමූයේ අවුරුදු 2කට පසුව බව ඇතැමුන්ට අමතක වී ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඇතැම් රටවල මාස තුනකට වරක් තෙල් මිල ඉහළ නංවනවා. නමුත් අපේ රජය ජනතාව පිට එවැනි බරක් පටවන්න සූදානම් නැහැ. නමුත්, ඉදිරියේදී ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු වුණොත් ලංකාවෙ තෙල් මිල අඩු කරන එක ගැන සලකලා බලනවා. අද වෙනකොට විදේශ ශ්‍රමිකයින් දහස් ගණන් ලංකාවට එමින් සිටිනවා. ඒ අයව නඩත්තු කරන්නේ ආණ්ඩුවෙන්. ඒ අයගෙන් රටට එන ආදායම් මේ වෙනකොට අහිමි වෙලා තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම නිසා එමගින් ලැබෙන ආදායමත් අහිමි වෙලා තිබෙනවා. බදු වලින් ලැබෙන ආදායමෙන් විශාල කොටසක් අහිමි වෙලා තිබෙනවා.මේ හැම දෙයක්ම අහිමි කරගෙන රටේ ජනතාවට රුපියල් පන්දහක සහනයක් ලබාදීමට කටයුතු කිරීම ගැන අද කතා කරන්නේ නැහැ.”

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුවට අදහස් දැක්වූ තරුණයා ගුවන්තොටුපොළ පොලිසියට කැඳවලා

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...