25 C
Colombo
Sunday, May 19, 2024

VFS ආයතනය ඉන්දීය ආයතනයක් නෙවෙයි- ටිරාන් අලස්

- Advertisement -

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

මතුව ඇති වීසා ගැටලුව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

VFS ආයතනය Black stone සමූහයට වැඩි වශයෙන් කොටස් අයත් ජාත්‍යන්තර ආයතනයක් බවත්, එහි අනෙක් කොටස්කරු ජර්මනියේ කූනි සමාගම වන බව අලස් මහතා පවසනවා.

මේ අතර පවතින මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් VFS ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

තවද පසුගියදා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා මගියෙකුගේ හැසිරීම සම්බන්ධ ආන්දෝලනාත්මක වීඩියෝව හරහා ඔහු මෙම ආයතනය ඉන්දීය ආයතනයක් බව ප්‍රකාශ කළත් එය බැහැර කරමින් අමාත්‍යවරයා පැවසුවේ එම අවස්ථාවේ දී එම වීසා කවුන්ටරවල සේවකයන් ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු බවයි.

ඔවුන්ගේ නම් ගම් ද තමා සතු බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

VFS ආයතනයට වීසා නිකුත් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත නොහැකි බව පැවසු අලස් මහතා වීසා නිකුත් කිරීම සහ බැහැර කිරීම සම්බන්ධ තීරණ ගනු ලබන්නේ මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ම පමණක් බව පැවසුවා.

අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී පවසා සිටියේ මෙම කටයුත්ත සම්බන්ධයෙන් විරෝධතාව ඉකුත් මැයි පළමු වැනිදා හෝ ඊට ආසන්න දිනක දී මතු වුවත්, ගුවන්තොටුපොළ පරිශ්‍රයේ VFS ආයතනය විසින් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ පසුගිය අප්‍රෙල් 17 වැනිදා බවයි.

කෙසේනමුත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ මෙවැනි ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා මීට වසර 4කට පෙර අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ලැබී තිබූ බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...