30 C
Colombo
Tuesday, May 7, 2024

මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් තවත් විත්තිකරුවන් හය දෙනෙක් නිදොස් කොට නිදහස්

- Advertisement -

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරයට අදාළ නඩුවේ තවත් විත්තිකරුවන් හය දෙනෙකු නිදොස් කොට නිදහස් කර යැවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (02) නියෝග කළා.

තම දෙමාපියන් වෙනුවෙන් වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ඉදිකළ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ගොඩනැගීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව පවරනු ලැබූවා.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව 2019 නොවැම්බරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කළා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයක් හමුවේ සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 47 වන ගුණ සමරුවට සමගාමීව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014 වසරේ නොවැම්බර් 6 වෙනිදා මෙම කෞතුකාගාරය විවෘත කෙරුණා.

පසුව එම කෞතුකාගාරය ඉදිකිරීමේදී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් ව තිබූ රුපියල් මිලියන 33.9 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ආධාර අනුබල දීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනතේ 5(1) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 388 යන වගන්තිය යටතේ නඩු පවරනු ලැබූවා.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා, එම සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස , සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, මහින්ද සාලිය, මල්ලිකා සේනාධීර යන අය මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මන්නාරම සුළං බලාගාර ටෙන්ඩරය අදානිට

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි...

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් ගිහින්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව අප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව...

නව වෛද්‍ය ආඥා පනත පාර්ලිමේන්තුවට

වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතු...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...