26 C
Colombo
Sunday, May 19, 2024

වැලිගම ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් මරණයක්

- Advertisement -

වැලිගම පොලිස් වසමේ, රාජගල, වැලිගම ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ කාන්තාවක් අබිරහස් ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වනවා.

ඊයේ (06) රාත්‍රී 11.30ට පමණ මියගිය කාන්තාව රැඳී සිටි නිවසට නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙක් ඇතුළු වී ඇති අතර, නිවසේ තිබූ වටිනා දේ මංකොල්ල කා ඇතැයි අනාවරණය වී තිබෙනවා.

පසුව අදාළ කාන්තාවගේ අත්පා ගැට ගසා නිවස තුළ ඝාතනය කර තිබුණා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 78 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසනවා.

මියගිය කාන්තාව සිය සහෝදරිය හා ස්වාමිපුරුෂයා සමග ජීවත් වන අතර, මොවුන් දෙදෙනා රාත්‍රී කාලයේ දි ප්‍රතිකාර ලබාගැනීම සඳහා වැලිගම නගරයට ගොස් නැවත නිවසට පැමිණෙන අතරතුර මෙම ඝාතනය සිදුව තිබුණා.

මියගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මාතර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ කටයුතු වැලිගම පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...