31 C
Colombo
Friday, May 3, 2024

ජනපති මේ ආත්මයේ කළ ලොකුම පින්කම මධුර හෙළි කරයි

- Advertisement -

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සම්පූර්ණ කාබනික වගාවට යොමුවීමට තීරණය කිරීමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ආත්මයේ සිදුකළ විශාලතම පුණ්‍ය කර්මය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා මේ බව පැවසුවේ පෙරේදා (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“පොහොර කතාවේ කඳුළු කතාව ගැන ගොඩාක් තැන්වල කතා කෙරෙනවා අඩුයි. සීමාසහිත ජේවීපී පුද්ගලික සමාගම, සීමාසහිත එස්ජේබී සමාගම මේ වෙලාවෙ ඉතාමත්ම කණගාටුවෙන් යුතුව මට කියන්න සිද්ධ වෙනවා කෘෂි රසායන වස විස වෙනුවෙන් පෙනී සිටින ඒ කෘෂි රසායන සමාගම්වල කොටස්කාරයෝ, එහෙම නැත්නම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වගේ තමයි කතා කරන්නෙ.

ගොවියෝ ගැන කතා කරනවා වගේම ගොවියොන්ගෙ දුක බලනවා වගේම මිලියන 20ක පාරිභෝගික ජනතාවක්, පුංචි දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වා ඒ සියලු දෙනා ගැනත් බලන්න ඕනෙ. මේ ගැටළුව විසඳාගැනීමට රජය දැවැන්ත පියවරක් අරන් තියෙනවා. ඔබට මතක ඇති යුද්ධ කාලෙත් අලිමංකඩ පාමංකඩ කියලා අපහාස කරපු අයම තමයි ගොවියන්ව දැනුවත් කරලා මීට යොමුකරලා අපි අභියෝගය ජයගම්මු කියන එක වෙනුවට අද ඉතාමත්ම පහත් විදියට තමන්ගෙ පක්ෂවල නාම පුවරු ඇඳලා දීලා – මේ අහිංසක ගොවියො, පැස්ටල් කූරක්වත් ඒ ගම්වල නෑ, හැබැයි ලස්සනට ප්‍රින්ට් කරලා කටවුට් හදලා දීලා ගොවියන්ව පාරට බස්සලා ජේවීපී කොම්පැනියත් සජිත් මහත්තයාගෙ කොම්පැනියත් මහා බරපතළ විදියට මේ අපි ගෙනියන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න හදනවා.

අපි වැව් බැඳි රාජ්‍යය අපේ රටට අත්කරලා දීලා තියෙනවා. ඉතිං මං හිතන්නෙ ජනාධිපතිතුමා මහා දැවැන්ත පියවරක් ගත්තෙ, මං හිතන්නෙ මේ ආත්මයේදී කරපු ලොකුම පින තමයි මම විශ්වාස කරන විදියට. මොකද හේතුව මම වගකීමෙන් කියනවා අද වෙනකොට බහුතරයක් ගොවියො මේ සම්බන්ධයෙන් තමන්ගේ වැඩකටයුතු දැන් ක්‍රමානුකූලව වචනයේ පරිසමාප්තියෙන්ම සැබෑ ගොවියන් බවට පත්වීගෙන යනවා”

RECENT ARTICLES - SINHALA

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...