30 C
Colombo
Friday, May 17, 2024

එහෙට මෙහෙට පනින දයාසිරි, ඉන්නවා නම් එලියෙ කතා නොකර ඉන්න..! – පොහොට්ටුව

- Advertisement -

බැසිල් රාජපක්ෂ මහතාව විවේචනයට ලක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන් ගණනාවක්ම ඊයේ (04) දින විවේචනය කරනු ලැබීය.

මීට පෙර අවස්ථාවකදී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබුණේ වත්මන් ඇමති මණ්ඩලය විහිළු සහගත නම් යොදමින් සකස් කර අපහසුතාවට පත් කළේ බැසිල් රාජපක්ෂ මහතා සහ පී.බී. ජයසුන්දර මහතා එකතු වී බවත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියා යැයි කියා අලුතින් කිසිවක් සිදු නොවන බවත්ය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් මෙම ප්‍රකාශයට එරෙහි ප්‍රකාශ සිදු කරනු ලැබීය.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ පොහොට්ටු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ දයාසිරි ජයසේකර යනු අවස්ථා ගණනාවකදී පක්ෂ මාරු කළ පුද්ගලයෙකු බවත් ඔහු තමන්ගේ නොහැකියාව වසා ගැනීම සඳහා අනුන්ට චෝදනා කරමින් සිටින බවත්ය.

RECENT ARTICLES - SINHALA

සාම්පූර් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

මියගිය ඥාතීන් සිහිකර කැඳ බෙදා දීමේ සිද්ධියක් මූලික කරගමින් පසුගියදා සාම්පූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්  සිව් දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. මෝසමක්...

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

කුසල්ගේ වීසා ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...