34 C
Colombo
Friday, May 3, 2024

Voice Tube කතුවරිය CID යට කැඳවයි

- Advertisement -

Voicetube යූටියුබ් නාලිකාවේ කතුවරිය වන තුෂාරා සෙව්වන්දි විතානගේ මහත්මියව අද (09) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා තිබෙනවා.

ඒ කොවිඩ් 19 මර්දන සිනෝවැක් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම චීන සමාගමක් ගත් උත්සාහය
සම්බන්ධයෙන් ‘සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ’ ජාතික සංවිධායක අසේල සම්පත් සිදුකළ ප්‍රකාශයක් voicetube නාලිකාව ඔස්සේ විකාශනය කිරීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහායි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින් පැමිණිලි කර තිබෙනවා.

මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන මෙම වැක්සින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ මූලික තාක්ෂණික කටයුතු සති කිහිපයකින් අවසන් කිරීමට අපේක්ෂා කලද ඒ සම්බන්ධයෙන් එම චීන සමගම ඉදිරිපත්කර තිබු කොන්දේසි හා ඉහල මිල ගණන් එම එන්නතේ ගුණාත්මක බව අවමවීම සැලකිල්ලට ගනිමින් එකී නිෂ්පාදන කටයුතු සඳහා අනුමැතිය නොදීමට බලධාරීන් නියෝගකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එසේ, ශ්‍රී ලංකාවට විකිණීමට නියමිත සිනොවැක් එන්නතක මිල හෙළිදරව් කළහොත් ගිවිසුම අවලංගු කරන බව එන්නත නිපදවන චීන සමාගම දන්වා තිබෙනවා.

චීනයේ Sinovac Lifesciences Co.Ltd ආයතනය සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි Kelun Lifesciences Pvt Ltd චීන සමගම අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට මෙම කොන්දේසි ඇතුළත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...