34 C
Colombo
Friday, May 3, 2024

සරත් වීරසේකරට නාමල්ගෙන් කණේ පහරක්..!

- Advertisement -

විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය තමා කිසිසේත්ම අනුමත නොකරන බව ක්‍රීඩා සහ තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (09) දින කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ උද්ඝෝෂකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළේ නම් ඊට එකඟ නොවන සේම පොලිසිය උද්ඝෝෂකයන්ට එරෙහිව කටයුතු කළ ආකාරයත් අනුමත නොකරන බවයි.

උද්ඝෝෂණය කිරීම ජනතා අයිතියක් බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

එසේම. තමන් සිය පියා වන මහින්ද රාජපක්ෂ පාලන යුගයේද පොලිස් ක්‍රියාකාරකම් විවේචනය කළ බවද ඔහු සිහිපත් කර සිටියා.

කෙසේ වෙතත් මහජන ඒකරාශීවීම් තහනම් කර ඇති බැවින්, එවැනි ක්‍රියාවල නිරත වන්නන් ඉදිරියේදීද අත්අඩංගුවට ගන්නා බවට ඊයේ (09) පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියා. ඒ, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ලවන චෝදනාවන්ට පිළිතුරු ලබා දෙමින්.

කෙසේ වෙතත්, බැසිල් රාජපක්ෂ අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමත් සමඟ සිදුවූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කිරීම් සම්බන්ධයෙන් එම නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි විවේචන එල්ල විය.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...