26 C
Colombo
Friday, May 17, 2024

ඕන පාටක සිලින්ඩරයකට අපි ගෑස් දෙනවා – ලිට්රෝ සමාගම

- Advertisement -

වෙළඳපොලේ ගෑස් හිඟයකට ඉඩ නොතබන බවත්, ගෑස් පාරිභෝගිකයන් අසරණවීමට ඉඩ නොතබන බවත් ලි‍ට්රෝ ගෑස් සමාගම පවසනවා.

ලි‍ට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඕනෑම වර්ණයක ගෑස් සිලින්ඩරයක් සඳහා ගෑස් සැපයීමට තම සමාගම තීරණය කර ඇති බවයි.

ණය පහසුකම් ලබාදීම බැංකු විසින් අත්හිටුවීම හේතුවෙන් ගෑස් ආනයනය නතර කිරීමට ඉඩ ඇති බවට ලාෆ්ස් ගෑස් සමාගම දැනුම් දී ඇති අතර මේ නිසා ලාෆ්ස් සමාගමේ ගෑස් පාරිභෝගිකයන් ඉදිරියේදී අර්බුදයකට ලක්වීමේ තත්වයක් නිර්මාණය වී ඇත.

ලිට්රෝ සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ වෙළඳපොල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ගෑස් තොග තම සමාගම සතුව පවතින බවයි. ඉල්ලුම වැඩිවන ඕනෑම අවස්ථාවක ගෑස් ආනයනය කිරීමට සූදානම් බවද තෙෂාර ජයසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමේ සූදානමක්

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට...

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000ක් මහවැලි ගඟට

මහනුවර නගරයේ අප ජලය කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ ‘ජයිකා’ ආධාර ව්‍යාපෘතිය අතරමග ඇනහිටීම නිසා දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න...

අනධ්‍යයන සේවක වර්ජනයෙන් විශ්වවිද්‍යාල දේශන ඔන්ලයින් ක්‍රමයට

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල දේශන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය හරහා සිදුකෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...