33 C
Colombo
Friday, May 3, 2024

එදා මෛත්‍රීපාල සිරිසේනට පඹයා කියපු අය දැන් ඩඩ්ලි සිරිසේන ඉස්සරහ පඹයෝ වෙලා

- Advertisement -

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එදා පඹයා යැයි කියූ පුද්ගලයන් හට මේ වන විට ඩ්ලි සිරිසේන ඉදිරියේ පඹයන් වී සිටීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

වත්මන් රජයට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් නිසි පිළිවෙතක් නොමැති බවත් ගොවියා සූරාකෑමකට ලක් කොට කබලෙන් ලිපට ඇද දමා ඇති බවත් ඒ මහතා පෙන්වාදෙනවා.

ඔහු මේ අදහස් පලකර සිටියේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ගොවියා ආරක්ෂා නොකිරීම මත මහා පරිමාණ වී මෝල් හිමියන අධික ලාභ ලබන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම රජය විසින් වී මෝල් හිමියා තර කරමින් ගොවියා මෙන්ම පාරිභෝගිකයාද සූරා ගෙන කෑමකට ලක් කරන බවත් ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට රජයට කිසිඳු වැඩපිළිවෙලක් නොමැති බවත් ඔහු සඳහන් කර සිටිනවා.

ගියවර තමන් නියෝජනය කළ රජයේ මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් තිබූ අතර හර්ෂ ද සිල්වාගේ මූලිකත්වයෙන් ශක්ති සහල් ව්‍යාපාරය ආරම්භ කළේ ඒ උදෙසා බවයි හෙතෙම ප්‍රකාශ කරන්නේ.

RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...