34 C
Colombo
Friday, May 3, 2024

තලේබාන් සංවිධානයෙන් චීනයට සහතිකයක්.

- Advertisement -

ඇෆ්ගනිස්තාන භූමිය වෙනත් කිසිදු රටක ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන කටයුතු සදහා යොදාගැනීමට ඉඩ නොතබන බවට තලේබාන් සංවිධානය චීනයට සහතික වී තිබේ.

නව දෙනෙකුගෙන් යුත් විශේෂ තලේබාන් නියෝජිත පිරිසක් චීනයේ ටියැන්ජින් නගරයේදී විදේශ අමාත්‍ය වැන්ග් යී සමග පැවැත්වූ සාකච්ඡාවකදී මෙම සහතිකය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයට මායිම් වී ඇති චීනයේ ෂින්ජියෑන්ග්හි ක්‍රියාත්මක උයිගුර් මුස්ලිම් සුලුතරයේ අයිතිවාසිකම් දිනාගැනීමේ සටනට තලේබාන් අනුග්‍රහය ලැබිය හැකි බවට සැක මතුව තිබේ.

මේ ⁣හේතුවෙන් චීනය තලේබාන් නායකයන් හමුවී මේ පිළිබද සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක බලය තහවුරැ කරගැනීම මෙම සාකච්ඡා කඩිනම් කිරීමට හේතුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

සාකච්ඡාවලදී, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ප්‍රකාශ කර ඇත්තේ තමන් ඇෆ්ගනිස්තානයේ කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී එරට ගැටලු විසදා සාමය ඇති කිරීමට අවශ්‍ය සහය පමණක් ලබාදෙන බවයි.

RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් නිසා කොළඹ මාර්ගයක් අවහිර වෙයි

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් එහි...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...