31 C
Colombo
Friday, May 3, 2024

මාලිංග එල්පීඑල් නොගහන හේතුව

- Advertisement -

එල්පීඑල් තරගාවලියට ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස නායකයා මෙන්ම දැනට ලංකාවේ සිටින ජනප්‍රියම විස්සයි විස්ස ක්‍රිකට් තරුව වන ලසිත් මාලිංග සහභාගී වන්නේ නැහැ. එයට හේතුව ඔහුට නිසි පුහුණුවක් නොලැබීමත්, එලෙස පුහුණුවක් ලබාදීම සඳහා එල්පීඑල් සංවිධායකයන්ට නිසි සැලසුමක් නොතිබීමත්.

ඔහු තරගාවලිය ආරම්භ වන්නට සතියක් තිබියදී සහභාගී නොවන බව කීවා.

මීට පෙර ඔහු ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස තෝරාගැනීමටත් සැලසුම් කර සිටියා. එහෙත්, ඔහු නොමැති නිසා ෂහිඩ් අෆ්‍රිඩි නායකයා ලෙස නම් කළා.

මාලිංගගේ අදහස් දැක්වීමක් ඉරිදා දිවයින පුවත්පතේ තිබුණේ මේ ආකාරයෙන්,

‘පුහුණුවීම් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැනේ. කොවිඩ්-19 හේතුවෙන් රට වහලා තිබුණෙ. මම මේ වසර මුලදී බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් පසුව කිසිම ක්‍රිකට් ක්‍රීඩාවක් කරලා නැහැ. මට කිසිම පුහුණුවක් ලැබුණෙත් නැහැ. පසුගිය මාසයේ මේ තරගාවලියේ කෙටුම්පත සිදුවුණ වෙලාවේ මම හිතුවා සති තුනකවත් පුහුණුවක් ලැබෙයි කියලා. නමුත් කිසිවක් සිදු වුණේ නැහැ. මේ සතියේදී හම්බන්තොට පැමිණ නිරෝධායනය වෙන්න විතරයි තිබුණේ.

පුහුණුවක් නැතිව ඉහළ මට්ටමක ක්‍රීඩා කරන්න පන්දු යවන්නෙකුට පහසු නැහැ. එල්.පී.එල්. තරගාවලියේ එක දිගට තරග තියෙනවා. ඒ නිසා මම ක්‍රීඩා කළා තරග නොකරන්න.’

ලසිත් මාලිංගට අමතරව තවත් ක්‍රීඩකයන් ගණනාවක් එල්පීඑල් සංවිධානය කිරීමේදී සැලසුමක් නොමැතිකම ගැන චෝදනා මුඛයෙන් කතා කළ බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එල්පීඑල් තරගාවලිය හදිසියේ ඇටවූ තරගාවලියක් බව බැලූ බැල්මට පෙනී යනවා. කණ්ඩායම් නම් කිරීම අවසානය දක්වා සිදු වුණේ නැහැ. කණ්ඩායම් හිමිකරුවන් ගැන පවා දැන සිටියේ නැහැ.

අන්තර්ජාලයෙන් සිදු කළ කණ්ඩායම්වල ක්‍රීඩකයන් වෙන්දේසියත් අසාර්ථක බවට චෝදනා එල්ලවුණා. එම වෙන්දේසියෙන් පසු කණ්ඩායම්වලට තෝරාගත් ජාත්‍යන්තර ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම සහභාගී නොවන බව කීවා. ඒ ඇතැම් ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් මුදලක් ලබා නොදීම නිසායි.

තරගාවලිය සංවිධානය කරනු ලබන ආයතනය මීට පෙර මුදල් නොගෙවීම මෙන්ම ක්‍රීඩා කරන තරගකරුවන්ට තරගාවලියට පෙර ගෙවිය යුතු මුදල නොගෙවීම ගැනත් චෝදනා එල්ල වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...