33 C
Colombo
Monday, May 6, 2024

ඇමරිකාවේ සිටින හොංකොංවාසීන්ට ජනාධිපති බයිඩන්ගෙන් තෑග්ගක්

- Advertisement -

මේ වනවිට ඇමරිකාව තුළ තාවකාලිකව රැදී සිටින ⁣හොංකොං වැසියන්ට විශේෂ වරප්‍රසාද රැසක් ලබාදීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නියෝග කො⁣ට තිබේ.

ඒ අනුව ඔවුන්ට නියමිත වීසා කාලය ඉක්මවා තවත් මාස 18ක කාලයක් ඇමරිකාව තුළ රැදී සිටීමටත්, රැකියා කිරීමටත් අවසර හිමිවේ.

මීට අමතරව ශිෂ්‍ය වීසා මත ඇමරිකාවේ රැදී සිටින හොං⁣කොංවැසියන්ටද වීසා කොන්දේසි ලිහිල් කර ඇති අතර එහිදී ඔවුන්ට රැකියා කිරීම සදහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබේ.

මේ වනවිට චීනයට හිතවාදී පාලනය විසින් හොංකොංහි ජාතික ආරක්ෂක නීතිය යටතේ දැඩි මර්දනකාරී පාලනයක් ගෙන යන බවට චෝදනා පවතී.

මෙම තත්වය තුළ හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකරුවන් ලක්ෂ ගණනින් රට හැර යාමට සූදානම් වන අතර රටින් පිටව ජීවත්වන විශාල පිරිසක් යළි එරටට පැමිණීමට බියෙන් පසුවෙති.

මේ හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...