25 C
Colombo
Sunday, May 19, 2024

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

- Advertisement -

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊයේ (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන සිය නිවස වෙත පැමිණ තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සංජය සඳකැලුම් ජයරත්න නමැති 38 හැවිරිදි ආපන ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක්.

අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (06) දින නියෝග කළා.

සැකකරු විසින් සි4 වර්ගයේ අධි බලැති අත් බෝම්බයක් ලග තබාගැනීම මිනී මැරීමට තැත් කිරීම, මහජනතාව පීඩාවට පත් කිරීම සහ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම යන චෝදනා යටතේ හංවැල්ල පොලිසිය මගින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන තිබෙනවා.

සැකකරු සහ ඔහුගේ බිරිඳ අතර කලක සිට පැවැති රණ්ඩු සරුවල් වීම හේතුවෙන් සැකකරු විදෙස් ගතව සිටි සමයේදී බිරිඳ තමන්ට නොදන්වා වෙනත් ස්ථානයකට පදිංචියට යාම සහ තවත් කරුණු නිසාවෙන් ඇයව ඝාතනය කිරීම සදහා ඊයේ (05) දින සවස එම කාන්තාව පදිංචිව සිටි හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයට පැමිණ අත් බෝම්බයක් රැගෙනවිත් තිබුණා.

ඇයව ඝාතනය කිරීමට යාමේදී එම කාන්තාව විසින් සැකකරු තල්ලුකර දමා පලායාම නිසාවෙන් දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තපා ගනිමින් බිරිඳ ගෙනැවිත් නොදුනහොත් දරුවන් සමග සියදිවි හානි කර ගන්නා බවට පවසමින් මහත් කලබලයක් සිදු කර තිබුණා.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පැය නවයක මෙහෙයුමකින් අනතුරුව දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව මුදා ගැනීමටත් සැකකරු අත් අඩංගුවට ගැනීමටත් අද (06) දින කටයුතු කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...