28.7 C
Colombo
Wednesday, May 8, 2024

පොලිසියේ හතරක් ගෙවුණු පැය 24ට අනතුරුවලින් රෝහලට

- Advertisement -

‍ගෙවුණු පැය 24ක කාලය ඇතුළත දී පොලිසියේ හතර දෙනකු මාර්ග අනතුරුවලට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කරඳුගල පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු මැදගම – බිබිල පාරේ බිබිලමුල්ල හංදියේදී වෙනත් යතුරු පැදියක ගැටී අනතුරට ලක්වී තිබේ. මෙම අනතුරින් යතුරුපැදි දෙකේම ගමන් ගත් දෙදෙනාම තුවාල ලබා ඇත. පොලිස් නිලධාරියා ගමන් ගත් යතුරුපැදිය ගැටුණු අනෙක් යතුරු පැදියේ සිටි පුද්ගලයා අනවධානයෙන් යතුරුපැදිය ධාවනය කළ නිසා මෙම අනතුර සිදුවූ බව මැදගම පොලිසිය කියයි.

බේරුවල පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරමින් සිට උප පොලිස් පරීක්ෂකවරයකු ද අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබේ. ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් වෙනත් මාර්ගයකට හරවද්දී මෙම උප පොලිස් පරීක්ෂකවරයා ගමන් ගත් යතුරු පැදිය එහි ගැටී තිබේ. අනතුරින් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා බලපිටිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවත්, අනතුර සිදු කළ බව කියන මෝටර් රථය අනතුරින් පසු නොනවත්වා පළා ගොස් ඇති බවත් පොලිසිය පවසයි. එම මෝටර් රථය හඳුනා ගැනීම සඳහා බෙන්තොට පොලිසිය විමර්ශන පවත්වයි.

වැල්ලවත්ත පොලිසියට අනියුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන්වරයකු ද අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබේ. වැල්ලවත්තේ මුහුද අයිනේ පාර අසල තිබෙන නාවික හමුදා කඳවුර අසල සේවය කරමින් සිටි බව කියන මෙම සැරයන් වරයා ශරීරකෘත්‍යක් සඳහා මුහුද අයිනට ගොස් තිබේ. එලෙස ගොස් යළිත් රාජකාරියට එද්දී දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර මේ වන විට ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබවයි.

හොරොව්පතාන බුද්ධි ඒ්කකයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයකු ද අනතුරක් නිසා තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. යකල්ල-ගල්කුලම මාර්ගයේ අලුත්ගම දී මෙම අනතුර සිදුව ඇති අතර ඔහු ගමන් ගත් යතුරු පැදිය කුඩා ලොරි රථයක ගැටී ඇතැයි පොලිසිය පවසයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළී සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයෙන් අවහිර වී ඇති...

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...