34 C
Colombo
Monday, May 6, 2024

ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය පලකර 21 වනදා කළු කොඩි ඔසවන්න – කාදිනල්

- Advertisement -

එළැඹෙන 21 වනදා සෑම නිවසකම කළු කොඩි ඔසවන ලෙසට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම සිහිපත් කරමින් සහ ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය පාමින්.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බවත් ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටු කරගැනීම සඳහා ජත්‍යාන්තරය හමුවට යාමේ වැඩකටයුතු මේ වන විට අරඹා ඇති බවත් කාදිනල් හිමියන් පවසනවා.

කතෝලික සභාව විසින් මේ සම්බන්ධයෙන් ඉකුත් ජුලි මස ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් යොමුකර ඇති බවත් අගරදගුරු මැදුරේ ඊයේ (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කාදිනල් හිමියන් සිහිපත් කර සිටියා.

ඊට ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද ප්‍රතිචාරය පිළිබඳව සැහීමකට පත් නොවන බවයි උන්වහන්සේ අවධාරණය කර සිටියේ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට විදේශ මාධ්‍ය ආයතනවල මෙරට නියෝජිතයින් ද සහභාගීව සිටියා.

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුවට අදහස් දැක්වූ තරුණයා ගුවන්තොටුපොළ පොලිසියට කැඳවලා

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...