28.7 C
Colombo
Wednesday, May 8, 2024

ශීත කාමරවලට වෙලා තීන්දු නොගෙන විසාලා මහනුවර බිමට බැස ඇත්ත දැකගන්න

- Advertisement -

කොවිඩ් වසංගතය මෙතරම් ප්‍රභලව ව්‍යාප්ත වෙමින් පවතින විටදී පවා රජය විසින් රට වසා දැමීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කණගාටු වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

රජය විසින් රට වසා දමන තෙක් නොසිට ලබන සඳුදා සිට ස්වයං විනයකින් යුතුව නිවෙස් වලට වී සිටින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලාසිටින්නේ.

රජයේ කොවිඩ් සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් විශ්වාසය බිඳීගොස් ඇති බවත් බිම් මට්ටමේ රාජකාරිවල නිරතව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විමර්ශනය කළ නොහැකි තරමට ආසාදිතයන් වාර්තා වන බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම, මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත්, ඔවුන්ට ජනතාව ගැන සොයා බැලීමට තමා තමන්ගේ ජීවිත ආරක්ෂා කරගත නොහැකි මට්ටම වසංගත තත්වය උත්සන්න වී ඇති බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

එබැවින්, ශීත කාමරවලට වී කේක් කමින් තීන්දු තීරණ ගැනීමට පෙර ශීත කාමරවලින් එළියට පැමිණ විසාලා මහනුවර බිමට බැස ඇත්ත තත්වය අවබෝධ කරගන්නා ලෙසත්, ජනතාව විඳින දුක පිළිබඳව අවබෝධයක් ලබාගෙන තීන්දු තීරණ ගන්නා ලෙසත් ඔහු බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සමාජ මාධ්‍යයෙන් අපහාස කළායැයි යුද හමුදාපති අධිකරණයට

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (07)...

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළී සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයෙන් අවහිර වී ඇති...

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...