33 C
Colombo
Monday, May 6, 2024

අද මගේ පුතාගේ විවාහය වෙන බවට යන කටකතා අමූලික බොරුවක් – කබ්රාල්

- Advertisement -

අද (16) දිනයේ තමන්ගේ පුතණුවන්ගේ විවාහය සිදුවන බවත් ඒ හේතුවෙන් විවාහ උත්සව සම්පූර්ණයෙන් තහනම් කිරීමේ තීරණය හෙට සිට ක්‍රියාත්මක කෙරෙන බවටත් වන කටකතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ සමාජ මාධ්‍ය තුළ පලවන එම කටකතා අසත්‍ය බවයි.

අද (16) උදෑසන රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ තමන් හට පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින බවත් ඉන් එක් පුත්‍රයෙක් 2015 වසරේ විවාහ වූ බවත් අනෙක් පුත්‍රයා 2016 වසරේ විවාහ වූ බවත්ය.

ඔවුන් මේ වන විට ඉතාමත් හොද යුගදිවියක් ගතකරමින් සිටින බැවින් මෙවැනි කටකතා පිළිබදව තමන්ටද සිනහා යන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...