27 C
Colombo
Friday, May 3, 2024

නාමල්ට අලුතින් ආයතන 64ක් ගැසට් කෙරේ

- Advertisement -

පසුගියදා සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයත් සමඟ ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හට තවත් අමාත්‍යංශයක් හිමි විය.

ඒ, සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍යංශයයි.

රජය විසින් සිදු කරන සංවර්ධන කටයුතු විධිමත් කිරීමේ හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම නව අමාත්‍යංශය ස්ථාපිත කර ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගියදා දිවුරුම් දුන් මෙම නව අමාත්‍යංශය යටතට රාජ්‍ය ආයතන 64 ක අධීක්ෂණ කටයුතු පවරා තිබෙනවා.

ඒ අනුව,

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව

ජනාධිපති කාර්ය සාධක බලකා ගණනාවක්

භාණ්ඩාගාරය

විදෙස් සම්පත් දෙපාර්තමේන්තුව

ජාතික අයවැය දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු කිහිපයක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා රේගුව

සුරාබදු දෙපාර්තමේන්තුව

ජාතික ලොතරැයි සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

සියලුම රාජ්‍ය බැංකු

මූල්‍ය රක්ෂණ හා ආශ්‍රිත ආයතන ඇතුළු දෙපාර්තමේන්තු කොමිෂන් සභා සහ කාර්යාංශ කිහිපයක්

ජාතික රක්ෂණ භාර අරමුදල

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් ගණනාවක්

විදුලි සංදේශ දෙපාර්තමේන්තුව

වනජීවී භාරය ඇතුළු ආයතන හා සංස්ථා කීපයක්

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඇතුළු ආයතන 64 ක් අධීක්ෂණය කිරීමේ වගකීම නාමල් රාජපක්ෂ මහතාට පවරා තිබේ.

RECENT ARTICLES - SINHALA

මම සජබෙට ගිය කතාව බොරුවක් – අර්ජුන

හිටපු අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමඟි ජන බලවේගයට එක් වු බව හැඟවෙන පුවත් පසුගිය දා පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග...

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...