27 C
Colombo
Wednesday, May 8, 2024

ජපානයේ මොඩර්නා එන්නත් කුප්පි වල අපද්‍රව්‍ය හමුවේ

- Advertisement -

බෝතල් කිහිපයක අපවිත්‍ර ද්‍රව්‍ය තිබූ බවට වාර්තා වීමෙන් පසුව ජපානය මෝඩර්නාගේ COVID-19 එන්නත මාත්‍රා මිලියන 1.63 ක භාවිතය අත්හිටුවා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බව Al Jazeera පුවත් සේවය වාර්තා කරනවා.

ජපානයේ මොඩර්නා එන්නත අලෙවිය සහ බෙදා හැරීම භාරව සිටින ටකේඩා ඖෂධ සමාගම අද (26) කියා සිටියේ විවෘත නොකළ බෝතල් තුළ යම් ආගන්තුක ද්‍රව්‍ක්ය හමු වී ඇති බවට එන්නත් මධ්‍යස්ථාන කිහිපයකින් වාර්තා ලැබී ඇති බවයි.

ටෝකියෝ ද ඇතුළුව මධ්‍යම ජපානයේ එන්නත් කරන ස්ථාන අටක විවෘත නොකළ බෝතල් 39 ක අපවිත්‍ර ද්‍රව්‍ය දක්නට ලැබුණු බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ හරහා එන්නතේ ආරක්‍ෂාව හෝ කාර්‍යක්‍ෂමතාව පිළිබඳව ගැටලු හඳුනාගෙන නොමැති බවත් එන්නත අත්හිටුවීමට ගත් තීරණය පූර්වාරක්‍ෂකයක් පමණක් බවත් ජපාන රජය සහ මොඩර්නා සමාගම යන පාර්ශව දෙකම පවසන බව රොයිටර් පුවත් සේවය පවසනවා. නමුත්, මෙම පියවර හේතුවෙන් අද දින සැලසුම් කර තිබූ පරිදි සිය සේවකයට එන්නත් ලබාදීම අවලංගු කිරීමට ජපන් සමාගම් කිහිපයක්ම පෙලඹුණි.

සිය COVID-19 එන්නත් කුප්පි වල අංශුමාත්‍ර ද්‍රව්‍ය දක්නට ලැබෙන බවට දැනගන්නට ලැබී ඇති බව තහවුරු කරන බවත් සමාගම විසින් වාර්තා විමර්ශනය කරන අතර මේ සම්බන්ධයෙන් සිය හවුල්කරු ටකෙඩා සහ අනෙකුත් පාර්ශව සමඟ කඩිනමින් වැඩකටයුතු සිදුකිරීමට කැපවී සිටින බවත් මොඩර්නා සමාගම විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ස්පාඥ්ඥයේ පිහිටි එක් නිෂ්පාදන ස්ථානයක ගැටලුවක් හේතුවෙන් මෙය සිදුවී තිබිය හැකි බව මෝඩර්නා සමාගම වැඩිදුරටත් පවසයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළී සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයෙන් අවහිර වී ඇති...

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...