33 C
Colombo
Friday, May 3, 2024

හලාවතදී හොර පාරෙන් දරුවන්ටත් කොවිඩ් එන්නත ගහලා (වීඩියෝ)

- Advertisement -

හලාවත, කොක්කවිල රජයේ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට එන්නත් ලබාදී ඇති බවට තොරතුරු වාර්තාවනවා.

එහිදී වයස අවුරුදු 12 ක පමණ දරුවන්ටද ප්‍රදේශවාසීන්ට එන්නත්කරණයට රැගෙනවිත් තිබූ ෆයිසර් එන්නත ලබාදී ඇතිබව අප වාර්තාකරු සදහන් කළා.

එමෙන්ම ෆයිසර් එන්නත ලබාගැනීම සඳහා එම ප්‍රදේශයෙන් පිටත ප්‍රදේශවල සිටද පුද්ගලයින් රැසක් පැමිණ ඇති බවද වාර්තා වනවා.

මේ හේතුවෙන් උදෑසන කාලයේ පටන් දිගු පෝලිම්වල රැදී සිටි ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියා.

වයසින් කුඩා දරුවන්ටද එන්නත ලබාදීම සම්බන්ධයෙන් එම ස්ථානයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙකු එහි සිටි සෞඛ්‍ය අංශ සාමාජිකාවකගෙන් විමසා සිටි අතර එහිදී ඇය ප්‍රකාශ කළේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත මෙම එන්නත ලබාදෙන බවයි

කෙ‍ෙස් වෙතත් එන්නත්කරණයේදී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බව මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍ය මිතිල ගමගේ මහතා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...