28 C
Colombo
Saturday, May 4, 2024

මෙච්චර ප්‍රශ්නයක් රටේ තියෙද්දී ආණ්ඩුව ඕවද කරන්න ඕනෑ ? – ගොඩහේවා

- Advertisement -

රජයේ අඩුපාඩු සහ රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ විසින් සිදුකරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

” මෙච්චර ප්‍රශ්ණයක් රටේ තියෙද්දී ආන්ඩුව ඕවද කරන්න ඕනෑ ? “……. ඔබ මෙවැනි ප්‍රකාශ මුහුණු පොතේ දැක ඇති බව නොඅනුමානයි.

රටක ආර්ථිකය යනු ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. රට තුල සිදුවන ගණුදෙනු ( Exchanges) ප්‍රමාණය වැඩිවන විට දල ජාතික නිශ්පාදිතය වැනි රටේ ආර්ථිකය මනිනා දර්ශක ඉහල යාමක් දැකිය හැකි අතර ගණුදෙනු ප්‍රමාණය අඩුවන විට එම දර්ශක පහල යනවා දැකිය හැක.

ආර්ථික අවපාතයක් ඇති විට ආර්ථිකය සක්‍රීය කිරීම සඳහා කල යුත්තේ රටේ මුදල් භාවිතය නියාමනය කරන්නා ලෙස රජයේ මැදිහත් වීමෙන් කරනා සංවර්ධන කටයුතු තවත් සක්‍රීය කිරීම මිස රජය විසින් පටි තද කර ගැනීම නොවේ (මේ කතා කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණය තුල විශාල වශයෙන් සිදුවන නාස්තිය අඩු කර ගැනීම ගැන නොව පලදායී සංවර්ධන වියදම් කපා හැරීම ගැනය).

මන්ද රජය විසින් කරනා සෑම වියදමක්ම තවෙකෙකුට ආදායමක් වී (කොන්ත්‍රාත් කරුවන්ට හා සැපයුම්කරුවන්ට ආදායම් ඔවුන්ගේ සේවකයන්ට වැටුප් ආදී වශයෙන්) රට තුලට ගලා යන නිසාය.

මේ මුදල් ඔවුන්ගේ අවශ්‍යතාවෙනුවෙන් යලි යලිත් සංසරණය වන විට තවත් බොහෝදෙනෙකුට එය ආදායමක් වේ (කඩ හිමියන්, නිශ්පාදකයන් ස්වයං රැකියා කරන්නන්ගේ ආදායම හා ඔවුන්ගේ සේවකයන්ගේ වැටුප් ආදී වශයෙන්). ආර්ථිකය සක්‍රීව පවත්වාගැනිමට එය රුකුලක් වේ.

ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කිරීමට, රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට රජයට ඍජු හා වක්‍ර බදු මුදල් එකතුවන්නේ ආර්ථිකය සක්‍රීය පැවතියොත් පමනි. රටේ ජනතාව ක්ෂේත්‍ර ගනනාවක රැකියා හා ව්‍යාපාර කරති.

ඒ නිසා මේ වෙලාවේ රජය අන් සියළු වියදම් නවතා ඒ සියල්ල එක් දෙයක් වෙනුවෙන් පමනක් වියදම් කල යුතුය කියා කීම ආර්ථිකය ගැන කිසිදු අවභෝධයක් නැත්තෙකු නොදැනුවත්කම කරනා නිසා ප්‍රකාශයකි, එසේත් නැත්නම් සිතා මතා රටේ ජනතාවට අගතිය ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙකුගේ කපටි දේශපාලන ප්‍රකාශයකි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...