33 C
Colombo
Friday, May 3, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව සන්ධානයක්

- Advertisement -

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛවී නව සන්ධානයක් පිහිටුවීම සඳහා පක්ෂ මධ්‍යමකාරක සභාව තීරණයකර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

ඒ සඳහා සියලු ප්‍රගතිශිලි දේශපාලන බලවේග සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.

“අපි තීරණය කරනු ලැබුවා පක්ෂයේ ඉදිරි ගමන් මාර්ගය මොන වගේද, විකල්ප ආණ්ඩුවක් සඳහා පක්ෂය ගොඩනගන්නේ කොහොමද, ඒ් සඳහා සංවිධානක කටයුතු කරන්නේ කොහොමද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් පසුගිය රජයන් යටතේ රජයන් බිහි කිරීමට පදනම් වු සන්ධාන තිබුණා. අපි නැවතත් පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සක්‍රීය කිරීමට ලංකාවේ සියලුම වාමවාදී දේශප්‍රේමි ජාතිකවාදි පක්ෂ සහ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පක්ෂත් එකතුකරගෙන එම සන්ධානය ගොඩනැගීම සඳහා වු තීරණයක් මධ්‍යම කාරක සභාවෙන් ගනු ලැබුවා. ඒ් අනුව ඉදිරියේ දී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. “

RECENT ARTICLES - SINHALA

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...