33 C
Colombo
Friday, May 3, 2024

ඇමතිට විරෝධය පලකරමින් වනජීවී වෘත්තිය සමිති 7 ක් වැඩවර්ජනයේ

- Advertisement -

ඊයේ දිනයේ (26) වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හා ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය හෑල්ලුවට ලක්කරමින් වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ක්‍රියාකල ආකාරයට විරෝධය පලකරමින් වනජීවී වෘත්තීය සමිති 07 ක් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් අද (27) දිනයේ අසනීප නිවාඩු වාර්තාකරමින් රාජකාරියෙන් බැහැරවීමට කටයුතු කළා.
වනජීවී වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ නීති විරෝධී ලෙස රක්ෂිතයක් තුළට ගවයන් ඇතුළු කිරීමට අවසර ලබාදෙමින් ජනතාව ඉදිරියේ ද්වේශ සහගත ලෙස වනජීවී නිලධාරීන්ට බැණ වැදීම තම සංගමය දැඩිලෙස හෙළා දකින බවයි.

පෙර ලිපිය කියවන්න
රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් වනජීවී නිලධාරීන්ට තර්ජන

ඒ අනුව,
• සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය
• සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය
• සමස්ත ලංකා වනසත්ව අඩවි සහකාර නිලධාරීන්ගේ සංගමය
• අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය
• සමස්ත ලංකා අඩවි ආරක්ෂක වෘත්තිකයන්ගේ සංගමය
• ශ්‍රී ලංකා නිදහස් වනජීවී ක්ෂේත්‍ර සහයකයන්ගේ සංගමය
• නව අඩවි ආරක්ෂක වෘත්තිකයන්ගේ සංගමය
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹ තිබෙනවා.

මීට පෙර පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මනම්පිටිය සිට යක්කුරේ දක්වා නීති විරෝධී ලෙස මාර්ගයක් ඉදිකිරීම සම්බන්දයෙන් හා වනජීවී රක්ෂිතය තුළ අනවසරයෙන් වගා කිරීම සම්බන්දයෙන් වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
පසුව එම ඉඩම් නැවතත් වනජීවී දෙපාර්තමේන්තුව වෙත පවරා දීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
එම වනජීවී ඉඩම්ද නැවතත් ප්‍රදේශවාසීන්ට ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කරන බවටද ඔවුන් චෝදනා කළා.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...