31 C
Colombo
Friday, May 3, 2024

නාමල් 100% ක් දේශීය නිෂ්පාදනයක් යැයි කී වාහනය පැය 12 න් 35% ක් වෙලා

- Advertisement -

මෙරට ප්‍රථම වරට 100% දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද යතුරුපැදි සහ ATV වර්ගයේ විශේෂ යතුරු පැදි එළිදැක්වීමක් සම්බන්ධව තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ පල කළ සටහනක් සමාජ මාධ්‍යයේ දැඩි කතා බහකට ලක්ව තිබෙනවා.

ඒ අමාත්‍යවරයා 100%ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද බව කියන ATV වර්ගයේ විශේෂ යතුරු පැදි චීනයේ නිෂ්පාදිත බවට ali baba වැනි වෙබ් අඩවි වල ඇති බව මෙරට සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස් සොයා ගැනීමත් සමඟයි.

සම්පූර්ණයෙන්ම පෙනුමෙන් සමාන එම වාහන අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කළ හැකි වනවා.

කෙසේ වෙතත් ඉන් පසුව අමාත්‍යවරයා සිය ෆේස්බුක් සටහන වෙනස් කිරීමකට ලක් කර ඇති අතර මේ වන විට එම සටහනේ දැක්වෙන්නේ ඒවා දේශීය වශයෙන් ලබා ගත් කොටස් වලින් පිළිවෙලින් 35% ක් සහ 50% ක් යොදා ගනිමින් මෙරටදී නිෂ්පාදිත යතුරු පැදි සහ ATV වර්ගයේ විශේෂ යතුරු පැදි බවයි.

මේ සම්බන්ධයෙන් පළවූ සටහන් පහතින්,

RECENT ARTICLES - SINHALA

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...