31 C
Colombo
Friday, May 3, 2024

අගමැති වතිකානුවට යන බවට කාදිනල්ගේ චෝදනාව බොරුවක් – විදේශ අමාත්‍යාංශය

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ ඇමති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා වතිකානුවට ගොස් පාප් වහන්සේ හමුවීමට යන බවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශය බැහැර කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය පවසන්නේ අග්‍රාමාත්‍යවරයා හා විදේශ අමාත්‍යවරයා සංචාරයක් සඳහා ඉතාලියේ බොලොග්නා නගරයට පමණක් ගමන් කිරීමට නියමිත බවයි.

එහිදී පැවැතවෙන ජාත්‍යාන්තර උත්සවයකට අග්‍රාමාත්‍යවරයා ඇතුළු ධූත පිරිස සහභාගීවන අතර ඊට ඉතාලි අගමැතිවරයා ඇතුළු අනෙකුත් යුරෝපීය රටවල සම්භාවනීය අමුත්තන් සහභාගීවීමට නියමිත බවද නිවේදනයේ සදහන්.

මෙහිදී යුරෝපයේ පැරණිතම ඉගෙනුම් මධ්‍යස්ථානයක් වන බොලොග්නා විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසිවාරයේ ප්‍රධාන දේශනය පැවැත්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

කෙසේ වෙකෙසේ වෙතත්, කිසිම අවස්ථාවක වතිකානුවේ සංචාරය කිරීම සඳහා වතිකානුවෙන් ආරාධනයක් හෝ පාප්වහන්සේ මුණගැසීමට අග්‍රාමාත්‍යවරයා විසින් ඉල්ලීමක් හෝ කර නැති බවද නිවේදනයෙහි සදහන්.

අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සත්‍යය යටපත් කිරීමට රජය උත්සාහ කරන බව අගරදගුරුතුමන් චෝදනා කළා.

එහිදී පාප්වහන්සේ ඔහු චෝදනා කළේ ජාත්‍යන්තර ප්‍රජාවට, වතිකානුවට සහ පාප් වහන්සේට ප්‍රහාරය පිළිබඳව වැරදි චිත්‍රයක් ලබා දීමට අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා උත්සාහ කරන බවයි.


RECENT ARTICLES - SINHALA

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...