32 C
Colombo
Monday, May 6, 2024

බීමතින් වැලිකඩ බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමතිවරයෙක් බීමත් මිතුරන්ට එල්ලුම්ගහ පෙන්වීමට රැගෙන ගිහින්

- Advertisement -

ආණ්ඩුවේ ප්‍රභල රාජ්‍ය අමත්‍යවරයෙකු සිය යහළුවන් සමඟ ඊයේ (12) වැලිකඩ බන්ධනාගාරය වෙත බීමතින් පැමිණ යකා නටා ඇති බව ද මෝර්නින් පුවත්පත වාර්තා කරනවා.

එම පුවත්පත සදහන් කරන්නේ අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සිය මිතුරන් හට එල්ලුම් ගහ පෙන්වීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවයි.

අදාළ රාජ්‍ය අමාත්‍යවරයා පවුල් දේශපාලන පසුබිමක්ද සහිත පුද්ගලයෙක් බවත් ඔහු පිස්තෝලයක්ද අතැතිව සිය මිතුරන් සමඟ බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළු වී ඇති බවත් එම පුවත්පතෙහි සදහන්.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇතැම් යහළුවන් කොට කලිසම් හැඳ සිට ඇති අතර ඔවුන් සියලුම දෙනා දැඩි ලෙස බීමත්ව සිට තිබෙනවා.

බන්ධනාගාර මූලාශ්‍ර සදහන් කර ඇත්තේ ඉන් මත්වී සිටි ඇතැමෙක් බන්ධනාගාර භූමිය තුළ ඇඳවැටුණු බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබදව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් විමසා ඇතත් ඔහු මේ පිළිබදව කිසිවක් නොදන්නා බව පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉමිටේෂන් මුදු බැංකුවේ තියලා එකොළොස් ලක්ෂයක් අරන්

රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන...

සුරාබදු ආදායම ඉහළට

නිෂ්පාදන ප්‍රමාණය අඩු වුවද 2023 වසරේ සමාන කාල පරිච්ඡේදයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව 26%ක ආදායම් වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. සුරාබදු භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම...

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බව ලංකාදීප...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...