විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මොළය පරීක්ෂා කරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ඔය කණ්ඩායම් දෙකම හැම වෙලාවෙම තියෙන පාලනය යම් අසාර්ථකභාවයකට පත්වෙන කොට ඒකෙන් මෝකනයකට පත් වෙනවා. උද්දාමයට පත්වෙනවා. ඒ නිසා මේවා රට වෙනුවෙන් කරන ප්‍රකාශ නෙවෙයි. ආණ්ඩුවට විවේචනයක් ඇතිවෙලා තියෙන නිසා මට දැන් ඒ පුටුවේ වාඩිවෙන්න පුළුවන් කියලා හිතීමක් ඔය තියෙන්නේ.
මේ වෙලාවේ මොන පුරවැසියද කියන්නේ ඡන්දයක් ඕනෙ කියලා? ආණ්ඩුව අප්‍රසාදයට පත්ව තියෙන බව ඇත්ත, ඒත් මේ ව්‍යසනයක් මැද්දෙ ඡන්දයක්? ඒකද විසඳුම?”