25 C
Colombo
Sunday, May 19, 2024

දරු දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට

- Advertisement -

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊයේ (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන සිය නිවස වෙත පැමිණ තිබෙනවා.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී කාන්තාව නිවසින් පළාගොස් ඇති අතර අදාළ පුද්ගලයා විසින් ඔහුගේ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්‍රාණ ඇපයට තබාගෙන සිට තිබෙනවා.

වයස අවුරුදු 10ක දැරියක් සහ වයස අවුරුදු දෙකක කුඩා පිරිමි ළමයෙකු මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන සිටි බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු හංවැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

පැය නමයක පමණ කාලයකට පසුව දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකියාව ලැබී තිබෙනවා.

මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...