33 C
Colombo
Monday, May 6, 2024

දැරියකගෙන් අනවශ්‍ය ඡායාරූප ඉල්ලූ ඔන්ලයින් ගුරුවරයා

- Advertisement -

15 හැවිරිදි දැරියක් සියදිවි හානි කරගැනීමට උත්සහ කළ අවස්ථාවක් වාර්තා වනවා.

ඇය එලෙස සිදුකර ඇත්තේ සිය ගුරුවරයා හට සිය අඩනිරුවත් ඡායාරූප යැවීමෙන් අනතුරුව බවයි පැවසෙන්නේ.

කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරිය වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇය මෙම සැකකාර ගුරුවරයා විසින් ඉගැන්වීම් කටයුතු සිදුකරන මහරගම ප්‍රදේශයේ පිහිටි උපකාර පන්තියකට සහභාගී වී තිබෙනවා.

පවතින වසංගත තත්වය හේතුවෙන් පාසල් වැසීයාමන් අනතුරුව අදාල ගුරුවරයාද ඔන්ලයින් ක්‍රමයට සිය පන්ති පවත්වා ඇති අතර ඒ අතරතුර වෙනත් කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප දැරිය වෙත යවා ඒ ආකාරයෙන් ඇයගේ උඩුකය නිරුවත් ඡායාරූප ගෙන්වා ගැනීමට ඇයව පොළඹවාගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

පසුව සිද්ධියට මුහුණදුන් දැරිය පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් මේවනවිට රෝහල්ගත කර සිටිනවා.

දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලක අනුව පිලියන්දල පොලිසියට විසින් අදාළ සැකකාර ගුරුවරයාව පානදුර දිග්ගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම උපකාරක පන්ති ගුරුවරයා 35 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

RECENT ARTICLES - SINHALA

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...