32 C
Colombo
Monday, May 6, 2024

පාස්කු ප්‍රහාරකයන්ට මුදල් සැපයූ ශ්‍රී ලාංකිකයෙක්ට නවසීලන්තයේ දොර ඇරෙයි

- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටි ත්‍රස්තවාදීන්ට මුදල් ලබා ගැනීමට උදව් කළ ශ්‍රී ලාංකිකයෙකුට නවසීලන්තයේ සරණාගතභාවය ලබා දී ඇති බව Radio New Zealand වාර්තා කරනවා.

මෙම පුද්ගලයා ත්‍රස්තවාදී අරමුණුවලට සහය දැක්වීමට සම්බන්ධ නොමැති බවත් මුදල් ලැබුනේ කොහෙන්ද යන්නවත් මුදල් ලබා ගත්තේ කවුරුන්ද යන්නත් නොදන්නා බව එරට ආගමන හා ආරක්‍ෂක අධිකරණය සොයා ගත් බවයි එම පුවත් සේවය වාර්තා කරන්නේ.

ඔහු තම නැන්දම්මා සහ විදේශීය තැරැව්කරුවකු සම්බන්ධ වූ මුදල් හුවමාරුවක් හරහා මසකට මුදල් ගනුදෙනු කිහිපයක්ම සිදු කර ඇති අතර බෝම්බ ප්‍රහාරයෙන් පසුව ද්‍රවිඩ කාන්තාවක් වන ඔහුගේ බිරිඳ අත්අඩංගුවට පත්ව ඇත. පසුව නිදහස් වීමෙන් අනතුරුව ඇය සහ ඇයගේ ස්වාමි පුරුෂයා සැඟවී සිට ඇත.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ භාවිතා කර ඔවුන් නවසීලන්තයට ගොස් ඇති අතර එහිදී ඔවුන් කළ අභියාචනයක් මත ජූනි මාසයේදී ඔවුන්ට සරණාගතභාවය හිමි විය.

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුවට අදහස් දැක්වූ තරුණයා ගුවන්තොටුපොළ පොලිසියට කැඳවලා

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...