25 C
Colombo
Sunday, May 19, 2024

මනව හිමිකම් කොමසාරිස්වරියගේ වාචික වාර්තාවට GL පිළිතුරු දෙයි

- Advertisement -

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 46/1 යෝජනාව මඟින් පිහිටුවන ලදැයි කියනු ලබන බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව ශ්‍රී රජය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

ඒ අද (14) දින ජීනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්.

ශ්‍රී ලංකාව පිළිබද සම්මත කර ගනු ලැබූ යෝජනාවේ වත්මන් ප්‍රගිතය පිළිබද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විසින් ඊයේ සිදු කළ වාවික වාර්තාවට අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා රජයේ පිළිතුරු දන්වා සිටියා.

දේශීය ක්‍රියාවලීන් මඟින් අදාළ කාරණා පිළිබඳව ශක්තිමත් ලෙස කටයුතු කරන බවත් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී සහ සෑම ආගමකටම අයත් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීමේ දී රජය සුපරීක්ෂාකාරීව කටයුතු කරන බවත් , නිසි නීති ක්‍රියාවලියට අනුකූල වෙමින්, 2019 වසරේදී ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරුදින එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් පිළිබඳව අඛණ්ඩව සොයා බලා නඩු පවරමින් සිටින බව‍ත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී සිටියා.

විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් සැසිය අමතමින් සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්,

RECENT ARTICLES - SINHALA

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...