තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගෙන ශරියා නීතිය ස්ථාපිත කිරීමේ බලපෑම අසල්වැසි රටවලටත් පැතිර ගොස් ඇතැයි වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පකිස්තානයට මෙහි බලපෑම තදින්ම දැනී ඇති බවයි.
ඒ අනුව පකිස්තානයේ ක්‍රියාත්මක ඩයේෂ් සහ ටරෙක් ඊ තලේබාන් වැනි අන්තවාදී සංවිධාන දැනටමත් ශරියා නීතිය ඉල්ලා විවිධ ඉල්ලීම් සහ බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.
මෙම තත්වය අතිශය භයානක බවත්, මේ පිළිබද දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් පකිස්තානයේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රෙහෙමාන් මලික් සදහන් කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ,ඉදිරියේදී තලේබාන් සහය ලබන අන්තවාදී සන්නද්ධ සටන් කල්ලි පකිස්තානය තුළ දැඩි ලෙස ප්‍රබල වීමේ අවදානමක් ඇති බවයි.