33 C
Colombo
Friday, May 3, 2024

අසීරු මොහොතක- බියර්වලින් රටට ආදායමක්

- Advertisement -

2020/21 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ දී සිය සමාගමේ ලාභය පෙර මූල්‍ය වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදයට සාපේක්ෂව 32%කින් පහළ ගොස් ඇති බව ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි. 2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා නවතම මූල්‍ය වාර්තා නිකුත් කරමින් සමාගම වැඩිදුරටත් පවසන්නේ සාමාන්‍යයෙන් වැඩි ඉල්ලුමක් පවතින අප්‍රේල් උත්සව සමයේ දී කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් පැවති ඇඳිරි නීති වාතාවරණය නිසා තම සමාගමේ කාර්යසාධනයට දැඩි බලපෑමක් එල්ල වූ බවයි. මේ අනුව 2020/21 පළමු භාගයේ දී ආදායමේ 11% ක පහළ යාමක් සිදුව තිබේ.

කෙසේ වෙතත් ලයන් බෘෘවරි සමාගමේ දේශීය වෙළෙඳපොළ කොටසට එසේ බලපෑම් එල්ල වුවද, මෙම කාලය තුළ සිය අපනයනවල කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. වර්තමානයේ දී ලයන් බියර් සිය නිෂ්පාදිත රටවල් 25කට අපනයනය කරනු ලබයි. එහිදී පළමු භාගය තුළ දී අපනයනය කරන ලද බියර් පරිමාව 19% කින් හා එම කොටස හරහා ඉපයූ ලාභය 32% කින් වැඩි වී තිබේ.  ලයන් බියර් අපනයන සඳහා සැලකිය යුතු පරිමාණයේ වෙළෙඳපොළක් වන මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ යම් මන්දගාමීත්වයක් පෙන්නුම් කළ පසුබිමක් හමුවේ වුවද අපනයන අංශය මෙලෙස සාර්ථක කාර්යසාධනයක් වාර්තා කර තිබීම සුවිශේෂී වේ. පළමු භාගය තුළ දී විදේශීය අංශයේ නව වෙළෙඳපොළ වර්ධනයක් සිදු නොවූ හෙයින් පැවති වෙළෙඳපොළ හරහා මෙලෙස ඉහළ වර්ධනයක් අත්පත් කර ගෙන ඇත.

2020/21 මූල්‍ය වර්ෂයේ පළමු භාගයේ දී සමාගමේ ලාභය 32%කින් පහළ ගියද 2020.09.30 න් අවසන් කාර්තුව තුළ දී සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය 18% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1 ක් ලෙසින් සටහන්ව තිබේ. එසේම මෙම කාර්තුව තුළ දී සමාගමේ ආදායම රු. බිලියන 12.31 සිට රු. බිලියන 15.07 ක් දක්වා 22%කින් වර්ධනය වී ඇත.

(මූලාශ්‍රය- අද දෙරණ බිස්නස්)

RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...