32 C
Colombo
Monday, May 6, 2024

එංගලන්තයත් පාකිස්ථාන සංචාරය අත්හැර දමයි

- Advertisement -

T20 තරග දෙකක් සඳහා ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයේ සිදුකිරීමට නියමිතව තිබූ තරඟ සංචාරය අවලංගු කරන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

එංගලන්ත කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් ඔක්තෝබර් 13 සහ 14 දෙදින රාවල්පින්ඩි හිදී T20 තරඟ දෙකකටත් ඉන් අනතුරුව එංගලන්ත කාන්තා කණ්ඩායම තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියකටත් සහභාගිවීමට නියමිතව තිබුණා.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කලාපයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් වර්ධනය වී ඇති මතභේදකාරී තත්ත්වය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් සීමා සහිත පරිසරයක් තුළ කටයුතු කළ කණ්ඩායමට තවදුරටත් පීඩනයක් ඇති නොකිරීම සඳහා අකමැත්තෙන් වුවද ඔක්තෝබර් තරඟ සංචාරය සිදු නොකිරීමට තීරණය කරන බවයි.

පවතින තත්වය යටතේ තරඟ සංචාරයේ නිරත වීම එළැඹෙන T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ගැලපෙන පෙර සූදානමක් නොවන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

අවශ්‍යම අවස්ථාවේදී තම රට සමග සිටගැනීමට එංගලන්තය අපොහොසත් වූ බවට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති රමීස් රාජා චෝදනා කළා.

එක්දින හා T20 තරඟාවලියක් සඳහා පාකිස්තානයට පැමිණි නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පසුගිය සති අන්තයේදී පළමු තරගය ආරම්භ කිරීමට මිනිත්තු කිහිපයකට පෙර තරගාවලිය අතහැර දැමුවේ කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ තර්ජනයක් හේතුවෙන්.

ඒ අනුව පැය කිහිපයක් තුල නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයෙන් ඉවත් කර ගැනීමටද එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

ඉමිටේෂන් මුදු බැංකුවේ තියලා එකොළොස් ලක්ෂයක් අරන්

රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන...

සුරාබදු ආදායම ඉහළට

නිෂ්පාදන ප්‍රමාණය අඩු වුවද 2023 වසරේ සමාන කාල පරිච්ඡේදයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව 26%ක ආදායම් වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. සුරාබදු භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම...

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බව ලංකාදීප...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...