34 C
Colombo
Monday, May 6, 2024

අපි තමයි පාස්කු ප්‍රහාරයේ විමර්ශන වේගවත් කළේ – සරත් වීරසේකර

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ප්‍රමාද බවට විවිධ පාර්ශව සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට සහ ලෝකයේ මෑතක සිදුවු ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව සිදුකළ පරික්ෂණවලට සාපෙක්ෂව වත්මන් රජය බලයට පත්වූ පසු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු වේගවත්ව සිදුකර ඇති බවයි.

මේ වන විට පාස්කු ප්‍රහාරයට අදාළව මහාධිකරණ 05ක නඩු 09ක් පවරා ඇති බවත් 25 දෙනෙකුට අධිචෝදනා ගොනුකර ඇති බවත් සදහන් කරන අමාත්‍යවරයා පවසන්නේ මෙම ප්‍රහාරයට අදාළව චෝදනා 23,700 කට මේ වන විට නඩු පවරා ඇති බවයි.

වසර දෙකහමාරකට ආසන්න කාලයක් තුළ පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකර ඇති විමර්ශනයන් සෑහිමකට පත්විය හැකි බව සරත් වීරසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරින්ගේ සිහිය ගන්න දේශබන්දුගෙන් වැඩසටහනක්

පොලිස් නිලධාරීන් ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේද සහභාගිත්වයෙන් සිදුකල වැඩසටහනක් ඊයේ (05) කළුතර පිහිටී ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී පවත්වා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

වීසා ගැටලුව විවේචනය කළ තරුණයාට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ටිරාන්

කටුනායක ගුවන් තොටුපළේ විසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති කළ පුද්ගලයාට සහ සිද්ධිය පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...