27 C
Colombo
Friday, May 3, 2024

විජෙයි මවට සහ පියාට එරෙහිව නඩු දමයි

- Advertisement -

ජනප්‍රිය දකුණු ඉන්දියානු චිත්‍රපට නළුවෙකු වන විජෙයි විසින් සිය දෙමව්පියන් දෙදෙනා ඇතුළු 11 දෙනෙකුට එරෙහිව සිවිල් අධිකරණයක් හමුවේ නඩු පවරා ඇති බව Indian express වාර්තා කර සිටිනවා.

විජෙයි ගේ මවගේ නම ශෝබා වන අතර ඔහුගේ පියා එරට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන SA චන්ද්‍රසේකර් වේ.

තමන්ගේ නම භාවිතා කරමින් කිසිවෙකුටත් මහජන ඒකරාශි කිරීම් සහ උත්සව සංවිධානය කිරීමට අවසර නොදෙන ලෙස විජෙයි විසින් මෙහිදී ඉල්ලා ඇත.

ඔහුගේ පියා වන SA චන්ද්‍රසේකර් විසින් විජෙයි දේශපාලනයට උනන්දුවක් දක්වන බව ප්‍රකාශ කර ඇති අතර ඔහු විසින් විජෙයි ගේ නම භාවිතා කරමින් දේශපාලන පක්ෂයක් ද ලියාපදිංචි කර ඇති බව පැවසේ.

එම පක්ෂයේ සභාපතිවරයා ලෙස ඔවුන්ගේ ඥාතියෙකු වන පද්මනාදන් නැමැත්තා ද භාණ්ඩාගාරික ලෙස විජෙයිගේ මව වන ශෝබා පත්කොට ඇත.

කෙසේ නමුත් තමන් කිසිදු දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට අවසර නොදුන් බවයි නිවේදනයක් නිකුත් කරමින් විජෙයි ප්‍රකාශ කර සිටින්නේ.

මේ සම්බන්ධව පැවරූ නඩුව සැප්තැම්බර් මස 27 වෙනිදා විභාගයට ගැනීමට නියමිතයි.

කෙසේ නමුත් මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔහුගේ පියා පවසන්නේ ප්‍රශ්න නොමැති පවුලක් මෙලොව නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

මම සජබෙට ගිය කතාව බොරුවක් – අර්ජුන

හිටපු අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමඟි ජන බලවේගයට එක් වු බව හැඟවෙන පුවත් පසුගිය දා පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග...

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...