28 C
Colombo
Saturday, May 4, 2024

අන්තර්ජාතික සංචරණය සදහා පොදු එකගතාවකට එළඹෙන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

- Advertisement -

පවතින කොවිඩ් වංසගත තත්වය හමුවේ බිදවැටී ඇති අන්තර්ජාතික සංචරණය යළි නගා සිටුවීම සදහා ⁣පොදු ප්‍රතිපත්තිමය එකගතාවයක් ඇති කර ගන්නැයි ඉන්දියාව ඉල්ලීමක් කර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ක්වාඩ් රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදීය.

ඇමරිකාවේ දී පැවත්වුණ ක්වාඩ් රටවල රාජ්‍ය නායක සමුළුව සදහා ඇමරිකානු ජනාධිපතිවරයා සමග ඉන්දීය, ජපාන සහ ඕස්ට්‍රේලියානු අගමැතිවරු එක්ව සිටියහ.

එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සංචරණයේදී කෝවිඩි එන්නත්කරණ සහතිකය පිළිගැනීම සදහා ද පොදු වැඩපිලිවෙලක් අත්‍යවශ්‍ය බවයි.

කොරෝනා එන්නත් සහන ලෙස බෙදාහැරීම සදහා ක්වාඩි රටවල් විසින් ආරම්භ කර ඇති වැඩපිලිවෙළ තවදුරටත් පුලුල් කොට ඉදිරියට ගෙනයාමට ද ක්වාඩ් රටවල් මෙහිදී එකගතාවයට එළඹී තිබේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...