32 C
Colombo
Monday, May 6, 2024

පොහොර යැයි කියා ඩොලර් මිලියන 63ක චීන කැලිකසළ මෙරටට – අනුර

- Advertisement -

කාබනික පොහොර යැයි කියා ඩොලර් මිලියන 63ක් වැයකොට චීනයෙන් ගෙන්වීමට යන “චීන කැලිකසළ” ආනයනය වහාම නවත්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

චීනයේ කිංඩාවෝ නම් සමාගම හරහා රජය ගෙන්වීමට යන්නේ චීනයේ නාගරික කැළිකසළ වලින් නිෂ්පාදිත විස බැක්ටීරියාවලින් සමන්විත පොහොර වර්ගයක් බවත් එය අපේ රටේ බොහෝ වගාවන්ට සේම අපේ පොළොවට හානිකර ක්‍ෂුද්‍රජීවීන් සහිත බැවින් ඒ හරහා විශාල විනාශයක් සිදුවීමේ අනතුර ඉහළ බවත් ‘මවුබිම’ පුවත්පත සමඟ සිදුකළ සාකච්ඡාවකදී මන්ත්‍රිවරයා අවධාරණය කර තිබෙනවා.

රටේ කාබනික පොහොර පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන බොහෝ විශේෂඥයන් කාබනික පොහොර ආනයනය සිදුනොකළ යුතු යැයි අවධාරණය කර තිබියදීත් ආණ්ඩුව චීන කැළිකසළ ආනයනය කිරීමට යන්නේ කුමන පදනමකින් දැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.

රජය අතීසාරයට අමුඩ ගසන ආකාරයට කිසිදු සැලසුමක් නොමැතිව රසායනික පොහොර, පළිබෝධනාශක, වල්නාශක යන කෘෂි යෙදවුම් ලංකාවට ගෙනඒම තහනම් කළ බවත් එවැනි ක්‍ෂේත්‍රයක් ගැන තීන්දු ගැනීමේදී වඩා අධ්‍යයනයකින් යුතුව තීරණ ගත යුතුව තිබූ නමුත් ආණ්ඩුවේ මෙම ක්ෂණික සහ ජාතික වැඩ පිළිවෙළක් නොමැති තීන්දු ගැනීම හේතුකොටගෙන බොහෝ වගාවන්වල යෙදෙන ගොවීන් විශාල දුෂ්කරතාවකට මුහුණදී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

සුරාබදු ආදායම ඉහළට

නිෂ්පාදන ප්‍රමාණය අඩු වුවද 2023 වසරේ සමාන කාල පරිච්ඡේදයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව 26%ක ආදායම් වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. සුරාබදු භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම...

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බව ලංකාදීප...

බිත්තර ආනයනය ගැන තීරණයක්

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...